ග්‍රෑම් 50කට ආසන්න මත්කුඩු පැකට් 14ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල මහබාගේ පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වැටලීම සිදුකළා. මත්කුඩු මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් හය දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වනවා. ජාවාරම්කරු වැලිසර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සියලුම සැකකරුවන් අවුරුදු 18ත් 27ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සදහන් කරන්නේ.