fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලාකරුවන් සැමට සෙවණ දෙන්න සූදානම්…

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2018 15:09

කලාකරුවන් සැමට සෙවණ දෙන්න සූදානම්…

මෙරට කලා  ක්ෂේත්‍රය පෝෂණය කිරීමට සුවිශාල මෙහෙවරක් ඉටු කළ කලාකරුවන් වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කෙරෙනවා.

කලා ක්ෂේත්‍රය පෝෂණය කරමින් වසර 20ක් පුරා මෙරට කලා ක්ෂේත්‍රයේ රැදී සිටින කලාකරුවන් මෙම නිවාස ලබාගැනීමට සුදුස්සන් වන අතර, තෝරාගත් කලාකරුවන් ජාතික, ජාත්‍යන්තර, පළාත් හෝ දිස්ත්‍රක් වශයෙන් අැගයීම ලබාතිබිය යුතු වෙනවා.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මතයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කළ කලාපුරේ වැඩසටහනේ දිගුවක් ලෙසයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ සංස්කෘතික විෂය භාර නිලධාරියාගෙන් ලබාගන්න පුළුවන්.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2018 15:09

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්