fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රීලනිපයේ නව පත්විම් රැසක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2018 12:03

ශ‍්‍රීලනිපයේ නව පත්විම් රැසක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් , දිස්ත්‍රික් සම්බන්ධිකරණ මෙන්ම ප්‍රාදේශිය සම්බන්ධිකරණ නව සභාපතිවරුන් සිය පත්වීම් ලිපි ලබාගත්තා. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින්.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මැද කොළඹ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙසයි පත් කර තිබෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් නායකයා ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලබා ගත්තා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති සහ පන්නල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කරනු ඇති.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රි හෙක්ටර් බෙත්මගේ මහතා සහ කඩුවෙල හිටපු නගරාධිපති ජී එච් බුද්ධදාස මහතා කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පත් කෙරුණා.

මතුගම ආසනයේ මතුගම ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරිය ලෙස පත් කර තිබෙන්නේ සුමිත්‍රා ප්‍රියංගනි අබේධිර මහත්මියයි. මතුගම ආසනයේ දොඩම්ගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍ර දේශයේ සම සංවිධායකවරයා සහ දොඩම්ගොඩ ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස සුරංග ප්‍රෂාන් හිදැල්ලආරච්චි මහතා පත් කෙරුණා.

අමාත්‍ය පියසේන ගමගේ මහතා පත් කර තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙසයි.

අමිල හර්ෂන කාරියවසම් මහතා බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස ද බෙන්තොට ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස ද පත් කර තිබෙනවා.

එන් ඩී සුසන්ත ලාල් ජයවිර මහතා පත්කර ඇත්තේ කරන්දෙණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා සහ කරන්දෙණිය ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙසයි.

තිසර ගුණසිංහ මහතා හබරාදුව ආසනයේ එම පක්ෂයේ සංවිධායකවරයා ලෙසත් හබරාදූව  ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සම සභාපතිවරයා ලෙසත් පත් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා  ලෙස හා එම ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස අතුල කුමාර රාහුබද්ධ මහතා පත්වීම් ලබා ගත්තා.

වෛද්‍ය කීර්ති ෆොන්සේකා මහතා යාපහුව ආසන සංවිධායකවරයා ලෙස සහ එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත්වුණා.

ඒ එච් එම් නාහීර් මහතා පත්ව සිටින්නේ මුන්දලම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙසයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2018 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්