ටැන්සානියාවේ වික්ටෝරියා විලේ මගීන් රැගත් යාත්‍රාවක් පෙරලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 86 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 400 කට අධික සංඛ්‍යාවක් යාත්‍රාවේ ගමන්කර තිබෙනවා. යාත්‍රාවේ වැඩි පිරිසක් රැගෙන යාම අනතුරට හේතුවයි. පුද්ගලයින් සිය දෙනෙකු පමණ මේ වනවිට බේරා ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඉන් පුද්ගලයින් තිස්දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.