fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සයිටම් වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 13:04

සයිටම් වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට කිසිදු බාධාවක් නොමැති බවට අභියාචනාධිකරණය ලබා දී ඇති තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ද අද (21) තහවුරු කළා.

නිසි සිදුසුකම් ලබා ඇති සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිචි වීමට කිසිදු බාධාවක් නොමැති බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදුන්නේ පසුගිය වසරේ ජනවාරි මස 31 වැනිදා යි. එම තීන්දුව අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනුකළ අභියාචනා පෙත්සම නිශ්ප්‍රභ කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළා.

නිසි සුදුසුකම් ලබා සිටිය දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අවස්ථාව නොලැබුණු සයිටම්හි ඉගෙනුම ලැබූ දිල්මි සූරියආරච්චි ශිෂ්‍යාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසට ද වෛද්‍ය සභාවට නියෝග කළා. ප්‍රසන්න ජයවර්ධන, ඊවා වනසුන්දර, නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 13:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්