සමස්ත සෞඛ්‍ය සේවාවම ඉහළ මට්ටමකට ගෙනඒමට වත්මන් රජයට හැකිවූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. විශේෂයෙන් හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති බවයි ඒ මහතා සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/a98jwGhIpKg”]
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සදහන් කළේ සිසු හෙදහෙදියන් සදහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය අමතමින්. හෙද විදුහල්වල පුහුණුව සදහා බදවාගත් 1371 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්රදානය මෙහිදී සිදුකෙරුණා. උත්සවය පැවැත්වුණේ අරලියගහමන්දිරයේ දීයි.
මේ අතර සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සුදුසුකම් සැපිරූවන් සදහා රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සේවාවට උසස්වීම් ලබාදීමේ උත්සවය පැවැත්වුණේද අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. 387 දෙනෙකුට මෙහිදී උසස්වීම් ප්රදානය කෙරුණා.