බංග්ලාදේශයට එරෙහිව ලකුණු 136ක ජයක් ඇෆ්ගනිස්ථානයට
Related Articles
ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති මූලික අදියරේ තරගය ලකුණු 136කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා. අබුඩාබි හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්ථානය තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 255ක් ලබා ගත්තා. එච් ෂහීඩ් හා රෂීඩ් ඛාන් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වුණා. පන්දු යැවීමේ දී ශකීබ් අල් හසන් කඩුළු 4ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන්ට සාර්ථක වීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පිතිකරුවන් අට දෙනෙකුට ලකුණු 10 සීමාව පසුකර යෑමට නොහැකි වුණා.
මේ අනුව බංග්ලාදේශයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වුණේ ලකුනු 119ක් පමණයි. මෙම ජයග්‍රහණයත් සමගින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වුණා. ඔවුන් හමුවේ ශ්‍රී ලංකාව ද ලකුනු 91කින් පරජයට පත්වුණා. මේ වන විට ඇෆ්ගනිස්ථානය බී කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටිනවා. ඒ ඔවුන් ක්‍රිඩා කළ තරග දෙකම ජය ගනිමින්.