වන අලින් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
පසුගියදා මඩකලපුව මාර්ගයේ දී තෙල් ප්‍රවාහනය කළ දුම්රියකට හසුවීමෙන් වන අලින් හතර දෙනෙකු මියගියා. ඒ හේතුවෙන් වන අලින් දුම්රියෙහි ගැටීම වළක්වා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත්තා.
මේ සම්බන්ධව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ විශේෂ කමිටුවක් ද පත්කළා. ඒ අමාත්‍යාංශ ලේකම් ජී එස් විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. වන අලින් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු පියවර කිහිපයක් මෙහිදී සාකච්ඡා කෙරුණා.
දුම්රිය මාර්ගයට ආසන්නව අලින් වැඩිපුර ගැවසෙන ප්‍රදේශවල ඉලෙක්ට්‍රොනික පරිපථ සවිකිරීම ගැන ද කමිටුවේ විශේෂ අවධානය යොමුවුණා.
වනජීවී සංරක්ෂණය උදෙසා තාක්ෂණික විෂය පථය ක්‍රියාත්මක කිරීමේ ස්වෙච්ඡා සංවිධායක ඉරෝෂ් පෙරේරා මහතා මෙහිදී අමාත්‍යවරයාට විශේෂ කරුණු පැහැදිලි කිරීමක් කළා. ඒ මන්නාරම දුම්රිය මාර්ගයේ ඉලෙක්ට්‍රොනික පරිපථ යොදාගනිමින් සිදුකළ නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබදවයි.
පරිපථ සවිකිරීමෙන් දුම්රිය මාර්ගය ඉදිරියේ අලින් සිටින බවට දුම්රිය රියදුරුට දැනගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම පරිපථයෙන් සංඥා නිකුත්වීමෙන් අලින්ට ද මාර්ගයෙන් ඉවත්වීමට අවස්ථාව ලැබීම විශේෂත්වයක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/FvxLiP6iNnc”]