මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු සම්පත් මධ්‍යස්ථානයක්
Related Articles
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක වන තොරතුරු සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවිමට සැලසුම් කර තිබෙනවා.
අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීමේ පනත කි‍්‍රයාත්මක කිරිමේ ඒකකය මගින් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරන බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප‍්‍රකාශ කළේ.
තොරතුරු දැන ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරිම , තොරතුරු අයිතිය පිළිබද හැදෑරීම සහ ඒ සදහා පහසුකම් සැලසීම මෙම මධ්‍යස්ථානය මගින් සිදු කිරිමයි සැළසුම.
මෙම වැඩපිළිවෙල 2019 වසර තුලදී කි‍්‍රයාත්මක කිරිමට තීරණය කර තිබෙනවා. ඕනෑම පුරවැසියෙකුට තොරතුරු , උපදෙස් හා මගපෙන්වීම මෙමගින් ලබාගත හැකි බවයි තිලකා ජයසුන්දර මහත්මිය සදහන් කළේ.