සීනි මත පනවන ලද තීරු බදු ගාස්තු හේතුවෙන් සීනි සිල්ලර මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් පෙන්වා දෙනවා. සීනි ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවයි සමාගම් අධ්යක්ෂ කිංස්ලි පල්ලියගොඩ විතාන මහතා ප්‍රකාශ කළේ.
තීරු බදු මගින් සීනි තොග මිලෙහි සිදුවන්නේ ඉතා සුළු වෙනසක් බවද ඔවුන් පෙන්වා දෙනවා. මේ දක්වා ආනයනය කළ සීනි කිලෝ ග්‍රෑමයක පිරිවැය වුයේ රුපියල් 63ක්. එභෙත් එය ක්‍රමයෙන් අඩුවී රුපියල් 52 දක්වා පහල ගොස් තිබෙනවා.
ඉන්දියාව , තායිලන්තය සහ බ්‍රසීලය වැනි රටවල අධික අස්වැන්න හේතුවෙන් සීනි සැපයුම ඉහල ගොස් ඇති බවයි ආනයනකරුවන් පෙන්වා දෙන්නේ.