වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරලීමෙන් 44 දෙනෙකු ජීවිතක්ෂයට
Related Articles
ටැන්සානියාවේ වික්ටෝරියා විලේ මගීන් රැගත් යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 400 කට අධික සංඛ්‍යාවක් යාත්‍රාවේ ගමන්කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. යාත්‍රාවේ රැගෙන යාමට හැකි පිරිසට වඩා වැඩි පිරිසක් රැගෙන යාම අනතුරට හේතුවයි.
පුද්ගලයින් සිය දෙනෙකු පමණ මේ වනවිට බේරා ගෙන තිබෙනවා. ඉන් පුද්ගලයින් තිස්දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ. 2012 වසරේදී ද ඉන්දියන් සාගරයේ සැන්සිබාර් දූපතට යාත්‍රා කරමින් තිබූ මගීන් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 145 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.