fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාපාරික නොවන වාහන සදහා ණයවර ලිපි නිකුත් කිරීමට තැන්පත් කළ යුතු මුදල100% විය යුතුයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 18:47

ව්‍යාපාරික නොවන වාහන සදහා ණයවර ලිපි නිකුත් කිරීමට තැන්පත් කළ යුතු මුදල100% විය යුතුයි

ව්‍යාපාරික නොවන වාහන සදහා ණයවර ලිපි නිකුත් කිරීමට වාණිජ බැංකුවල තැන්පත් කළ යුතු මුදල සීයට සියයක් විය යුතු බවට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා.

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටෙමින් පවතින නිසා මෙම පියවර ගත් බවයි ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ. වත්මන්  රජය වාහන ආනයනයේදී ලබාදුන් පහසුකම් හේතුවෙන් පසුගිය මාස කිහිපයේ වාහන දහස් ගණනින් මෙරටට ආනයනය කළා. විශාල භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරන රටක් ලෙස රුපියලේ අගය පහත වැටීම සාමාන්‍ය සිද්ධියක් බවයි සංඛ්‍යා වාර්තා මගින් පෙන්නුම් කරන්නේ. එහෙත් ගතවූ වසර තුන තුළ රුපියලේ අගය පහත වැටීම සාපේක්ෂව අඩුඅගයක් පෙන්නුම් කරනවා. මේ හරහා ආර්ථිකය කඩා වැටීමක් සිදු නොවන බවයි ශ්‍රී ලංකා මහබැංකුව අවධාරණය කරන්නේ.

ඇමෙරිකා ආර්ථිකය ශක්තිමත් වීමෙන් ආසියානු රටවල් සියල්ලටම මෙම බලපෑම සිදුවන බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. පසුගිය පාලන සමයේ රුපියලේ අගය පහත වැටුණ විට සිදුකළේ මහබැංකුවේ විදේශ සංචිත වෙළඳපලට මුදා හැරීමයි. එය ආර්ථික වශයෙන් දූරදර්ශී ක්‍රියාවක් නොවෙයි. ඒ සදහා යෝග්‍ය වන්නේ ආනයන පාලනය කිරීම, අපනයන සහ විදේශ ආයෝජන ඉහල නැංවීම, සංචාරක ආදායම වැඩි කිරීමයි. වාහන ආනයනය සීමා කිරීමට පියවර ගෙන තිබෙන්නේ ඊට විසදුමක් ලෙසයි. අපනයන කලාප හා කර්මාන්ත කලාප පිහිටුවමින් අපනයන දිරිගැන්වීමටද වත්මන් රජය පියවර  ගෙන තිබෙනවා. වත්මන් ආර්ථික තත්ත්වය පිළිබද මනා අවබෝධයකින් රජයේ ආර්ථික සැළසුම ක්‍රියාත්මක වන බව ආර්ථික විද්වතුන්ද පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 18:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්