යහපාලනය ශක්තිමත් කරන්න තොරතුරු අයිතිය මහජනතාවට
Related Articles
ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද දිනය ලබන 28 වනදාට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද සතියක් ප්‍රකාශයට පත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළා. එය හෙට (21)සිට ලබන 28 වනදා දක්වා ක්‍රියාත්මකයි.
තොරතුරු සතිය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. ඒ පිලිබද මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඇසි දිසි මැදුරේදී පැවැත්වුණා. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
තොරතුරු සතිය තුළ හෙට(21) දිනයේ දී වීදි නාට්‍ය ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඒ කොළඹ ජාතික රෝහල සහ කොටුව දුම්රිය ස්ථානය අසළදීයි. තොරතුරු දැනගැනීමේ අයිතිය මැයෙන් කෙටි චිත්‍රපට උළෙල පැවැත්වෙන්නේ තරංගනී සිනමා ශාලාවේදීයි. ඒ පස්වරු හතරයි තිහේ සිට රාත්‍රී හත දක්වායි. අනිද්දා (22) දිනයේදී ද මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. වීදි නාට්‍ය ප්‍රදර්ශන මීගමුව සති පොළ සහ ගම්පහ නගරය ආශ්‍රිතව ද පැවැත්වීමට නියමිතයි. යාපන දිස්ත්‍රික් ජනතාව දැනුවත් කිරීම සදහා තොරතුරු දැන ගැනීමේ ජංගම සේවාව ලබන 24 වනදා යාපනයේ දී පැවැත්වෙනවා. තොරතුරු අයිතිය පිළිබදව දීප ව්‍යාප්ත පාසල් විවාද හා රචනා තරගාවලිය පැවැත්වෙන්නේ ලබන 25 වනදායි. විවාද තරගයේ අවසාන මහා තරග අයිටීඑන් ආයතන පරිශ්‍රයේදී ලබන 26 වනදා පැවැත්වීමට නියමිතයි. තොරතුරු අයිතිය පිළිබද ජාත්‍යන්තර සම්මන්ත්‍රණය නෙළුම් පොකුණ රගහලේදී ලබන 28 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද මෙම මාධ්‍ය හමුවේදී හෙළි කෙරුණා.