මැලේසියාවේ හිටපු අගමැති නජීබ්ට මුදල් අවභාවිත කිරීමේ චෝදනා
Related Articles
මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට මුදල් විශුද්ධිකරණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා 21 ක් ද බලය අනිසි ලෙස භාවිත කිරීම හේතුවෙන් චෝදනා 4 ක්ද ඔහුට එල්ල වුණා. ඒ අනුව එල්ලවී ඇති මුළු චෝදනා ගණන 32 ක්. මැලේසියාවේ හිටපු අගමැතිවරයා අද (20) එරට අධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ මැලේසියා සංවර්ධන අරමුදලෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 556 ක මුදලක් තමන්ගේ පෞද්ගලික ගිණුමකට මාරුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
පසුගිය මැයි මාසයේ දී පැවති මහ මැතිවරණයෙන් බලය අහිමිවීමත් සමග වත්මන් අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් නැවතත් මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළා. දූෂණ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මේ වනවිට ලෝකය පුරා නව ප්‍රවණතාවක් බවට පත්වී තිබෙනවා. බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලාද සිල්වා ඔහුගේ ධුර කාලයේ දී සිදුකළ වංචා දූෂණ හේතුවෙන් වසර 12 සිර දඩුවමක් ලබාදීමත් පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට එරෙහිව එල්ල වූ චෝදනා හේතුවෙන් වසර 10 ක සිර දඩුවමක් ලබාදීමත් ඊට හොදම උදාහරණ ලෙසයි විචාරකයින් පෙන්වා දෙන්නේ.