හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද (20) නියෝග කළා. සතොස මුදල් රුපියල් මිලියන 5 යි දශම 2 ක් අවභාවිත කිරීම විත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් සහ සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා. සතොස ආයතනයේ හිටපු උපදේශිකා වයිජයන්තිමාලා විජේතිලක මහත්මිය සහ සතොස හිටපු සභාපතිවරයාගේ ලේකම්වරියක වූ සදානා නිමාලි විජේවික්‍රම මහත්මිය නඩුවට අදාළව අද (20) සාක්ෂි ලබාදුන්නා. ලබන 25 වන දින නඩුව යළි කැදවීමට නියෝග කෙරුණා.