අඹගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් නව දෙනෙකු ප්‍රාදේශීය සභා රැස්වීම වර්ජනය කළා. ඔවුන් කළු පටි පැළද ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවකද නිරත වුණා.
පොදුජන පෙරමුණු පාලනය යටතේ පවතින අඹගමුව ප්‍රාදේශීය සභාවේ රැස්වීම එම සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. එහිදී අදාළ මන්ත්‍රීවරුන් නව දෙනා කියා සිටියේ එම සභාවේ කළමනාකාර සහකාරවරයෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි. මීට පෙර ද මන්ත්‍රීවරුන් දහසය දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් භාර දුන්න නමුත් ඊට පියවර ගෙන නැති බවයි ඔවුන් කියා සිටියේ. විරෝධතාවට එක් වූ මන්ත්‍රීවරුන් නව දෙනාට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හයදෙනෙකු අයත් වුණා. පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුද ඊට එක්ව සිටියා.