තායිලන්තයේ ඩෙංගු උණ රෝගය වැළදීම හේතුවෙන් පුද්ගලයින් පනස් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩෙංගු රෝගය වැළදුනු රෝගීන් පනස් නවදහසකට වැඩි පිරිසක් වාර්තා වන බවයි එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
සැප්තැම්බර් මාසය සදහා නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක් මේ බව පෙන්වා දෙනවා. තායිලන්තයේ අගනුවර වන බැංකොක් නුවරින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඩෙංගු රෝගීන් පන්දහස් අටසිය අනූ නවයක් වාර්තා වනවා. වැඩිම බලපෑමක් පවතින්නේ රිම්බන්ග් ,මක්කාසන් නගරයේ යි. එම ප්‍රදේශයේ විශාල වශයෙන් අපිරිසිදු වී ඇති අතර මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් මෙලෙස ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. එම ප්‍රදේශයේ වැඩි වශයෙන් ජීවත් වන්නේ සංක්‍රමණික පවුල් බවද සදහන්. එරට රෝග පාලන අංශය මේ සදහා කඩිනමින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද එරට බලධාරීන් පවසනවා.