fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගී වීමට සුව ඇමැති ඇමරිකාවට සහ ජිනීවා නුවරට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 12:40

ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගී වීමට සුව ඇමැති ඇමරිකාවට සහ ජිනීවා නුවරට

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ක්ෂය රෝගය මර්දනය කිරිම සහ බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද ජගත් සමුළුවට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ලබන සෙනසුරාදා (22) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගිවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම සමුළුවට එක්වීමට නියමිතව ඇත. ක්ෂය රෝගය පාලනය කිරිම පිළිබද සමුළුව ලබන 26 වන දා ද, බෝනොවන රෝගපාලනය කිරීම පිළිබද සමුළුව ලබන 27 ද පැවැත්වීමට නියමිතය. ලෝකයේ එක් එක් රටවල් ක්ෂයරෝගය සහ බෝනොවන රෝග පාලනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී කරුණුඉදිරිපත් කිරීමට නියමිතව ඇත. බෝනොවන රෝග පාලනය කිරිම සදහා රජය ගෙන ඇති වැඩපිළිවෙල පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී දේශණයක් පැවැත්වීමට ද නියමිතව තිබේ.

මෙම සමුළුවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර පැවැත්වෙන දුම්කොළ පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියේ ප්‍රධාන සමුළුවට සහභාගිවීමට නියමිතව ඇත. එම සමුළුව ආරම්භ වන්නේ ඔක්තෝබර් මස 01දායි. දුම්කොළ පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියේ සදහන් කොන්දේසි 06 ඉටු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වන විට සියලු පියවර ගෙන ඇත. එම කොන්දේසි වලින් තනි සිගරට්ටුව අලෙවි කිරීම තහනම් කිරීමේ කොන්දේසිය හැර අනෙකුත් සියලුම කොන්දේසි ඉටු කර ඇති අතර, ඒ පිළිබදව ජගත් ප්‍රජාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී බලාපොරොත්තු වෙයි. සිගරට් පැකට් තුල රූපමය අවවාද 80% දක්වා වැඩි කිරිම, දුම්කොළ බදු 90% දක්වා වැඩි කිරිම, දුම්වැටිදැන්වීම් තහනම් කිරිම, ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරිම, ගොඩනැගිලිවලදුම්බොන කලාප සැකසීම, දුම්කොළ වගාව වෙනුවට වෙනත් බෝග වගා ගොවීන්ට හදුන්වා දීම එමකරුණු අතර වේ. ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා දුම්වැටි පැකට්ටුව ප්ලෙන් පැකේජින් ක්‍රමයටවෙළෙද පොලට හදුන්වා දීම සදහා වූ නීති රීති ද ගෙනඒමට නියමිතය. දුම්කොල පාලනය කිරිමසදහා වූ ප්‍රඥප්තියට අනුව කොන්දේසි වලින් 90% ක් පමණ නීතිගත කර ඇති අග්නිදිගආසියානු රටවල එකම රට ශ්‍රී ලංකාව වෙයි. නීති විරෝධී සිගරට් ආනයනය තහනම් කිරීමේ ප්‍රඥප්තියටද ශ්‍රී ලංකාව අත්සන් කර ඇත. අග්නිදිග ආසියානු රටවලින් එම ප්‍රඥප්තියට අත්සන් කළප්‍රථම රට ශ්‍රී ලංකාව වීම ද විශේෂත්වයක් වෙයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 12:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්