අයිස් කර්මාන්තශාලා වටලමින් ධීවරයින් උද්ඝෝෂණයක
Related Articles
ධීවර වරාය පරිශ්රය තුළ පිහිටි අයිස් කර්මාන්තශාලා වටලමින් ධීවරයින් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ හේතුවෙන් ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ දෛනික කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
ධීවර වරාය පරිශ්රයේ පිහිටි අයිස් කර්මාන්තශාලා වැඩි මිලට අයිස් අලෙවි කරන බවටයි ධීවරයින් චෝදනා කරන්නේ. බෝට්ටු හිමියන් හා ධීවර ප්රජාව මෙම විරෝධතාවට එක්ව සිටියා. අයිස් කිලෝග්රෑම් 50 ක මිල රුපියල් 210 සිට 260 දක්වා ඉහළ නංවා ඇති බවයි ධීවරයින් පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අයිස් මිල රුපියල් 10 කින් පමණක් ඉහළ නැංවීමට ධීවර සංස්ථාව මගින් ක්රියාත්මක අයිස් කර්මාන්තශාලාව එකඟ වී තිබෙනවා. පෞද්ගලික අංශය මගින් පවත්වාගෙන යන කර්මාන්තශාලා හෙට දිනයේදී මිල සම්බන්ධයෙන් දැනුම් දෙන බවයි පවසා තිබෙන්නේ.