මත්පැන් විෂ වී මැලේසියාවේ විසිඑක් දෙනෙකු මියගොස් තිබෙනවා.
ක්වාලාලාම්පුර් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පුද්ගලයන් මෙසේ මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. තවත් පනස් හත් දෙනෙකු විෂ මත්පැන් පානය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. එතනෝල් අධික මැලේසියාවේ නිෂ්පාදිත ප්‍රමිතියෙන් බාල මත්පැන් මෙම පිරිස පානය කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වුණා. බංග්ලාදේශ, මියන්මාර, ඉන්දුනීසියා හා නේපාල ජාතිකයන් කිහිප දෙනෙකුද මියගිය පිරිසට ඇතුළත්.