fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාව සමඟ යළි සාකච්ඡාවලට ඇමරිකාව සූදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 10:07

උතුරු කොරියාව සමඟ යළි සාකච්ඡාවලට ඇමරිකාව සූදානම්

උතුරු කොරියාව සමඟ යළිත් සාකච්ඡා කිරිමට සූදානම් බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. න්‍යෂ්ටික අත්හදාබැලීම් සම්පූර්ණයෙන් නතර කිරිම සඳහා ඔවුන් යොමුකිරිමයි එහි අරමුණ වී තිබෙන්නේ.

උතුරු දකුණු කොරියා නායකයන්ගේ සාකච්ඡාවලින්ද යහපත් ප‍්‍රවේශයක් ලැබී තිබෙනවා. එය අඛණ්ඩව පවත්වා ගැනීම මූලික අවශ්‍යතාවක්. 2021 වසර වනවිට උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් සම්පූර්ණයෙන් නතර කිරිමයි සැලැසුම වී ඇති අතර ඒ  සඳහා කඩිනම් සාකච්ඡාවක් සඳහා ඇමරිකාව සූදානම් බවයි රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සඳහන් කළේ. දකුණු කොරියා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවේදී ද න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වසා දැමීමට උතුරු කොරියා නායකයා එකඟත්වය පළකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්