fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු පළාතට අවශ්‍ය පොහොර, වගා කටයුතු ඇරඹීමට පෙර ගබඩා කර තැබීමට පියවර

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 09:20

උතුරු පළාතට අවශ්‍ය පොහොර, වගා කටයුතු ඇරඹීමට පෙර ගබඩා කර තැබීමට පියවර

2018/19 මහ කන්නයට අවශ්‍ය සියලුම පොහොර වගා කටයුතු ආරම්භ කිරීමට කලින් වහාම ගබඩා කර තැබීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙනු ලැබීය.

මේ වන විට යාපනය අර්ධද්වීපයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොරවලින් මෙ.ටො 520ක් ගබඩා කර ඇත. ඒ අනුව යූරියා පොහොර මෙ.ටො 226ක්, ත්‍රිත්ව සුපිරි පොස්පේට් පොහොර (TSP) මෙ.ටො 247ක්, සහ බණ්ඩි (MOP) පොහොර මෙ.ටො 47ක් වශයෙන් ගබඩා කර ඇත.

මීට අමරව තවත් යූරියා මෙ.ටො 500ක්, ත්‍රිත්ව සුපිරි පොස්පේට් පොහොර (TSP) මෙ.ටො 300ක් සහ සහ බණ්ඩි (MOP) පොහොර මෙ.ටො 200ක් වශයෙන් පොහොර මෙ.ටො 1000ක් මහ කන්නය වගා කටයුතුවලට පෙර ගබඩා කිරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය අවශ්‍ය පියවර ගෙන ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පෙර උතුරු පළාත සහ වෙරළාසන්න ප්‍රදේශවලට මහ කන්නයේ වර්ෂාව ලැබෙන බැවින් මෙම කුඹුරු ඉඩම් සහ වෙනත් අතුරු බෝග වගාවන්හි කටයුතු ගොවීහු ආරම්භ කරති.එම නිසා ඔවුන්ට තම වගා කටයුතුවලදී හිඟයකින් තොරව පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය මූලික පියවර ගන්නා ලෙසත්, සෑම ප්‍රදේශයකටම හිඟයකින් තොරව පොහොර ලබාදීමේ ක්‍රියාවලිය අඩුපාඩුවකින් තොරව ක්‍රියාත්මක කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලය, කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගමට උපදෙස් දෙනු ලැබීය.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 09:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්