” කියවීම මිනිසා සම්පූර්ණ කරයි ” මේක අපි හොඳටම අහලා තියෙන කතාවක්. හැබැයි මින් කියවෙන දේ නම් බොහෝ දෙනෙක්ට තේරුම් ගන්න බැරි වෙලාදෝ කියලා වෙලාවකට හිතෙනවා. පොත් කියවීමෙන් තමන් බුද්ධිමත් වෙනවා කියලා කෙනෙක් හිතනවා නම් ඒක විහිළුවක් (කියලා මං හිතන්නේ). කියවීමෙන් සම්පූර්ණ වෙන්නේ මොළය නෙවෙයි මිනිසෙකුගේ ජීවිතය..
කොහොම වුණත් හොඳ කියවීමක් තියෙන කෙනෙකුට ජීවිතය දිහා වෙනස් විදියට බලන්න පුළුවන්. තව කෙනෙක්ට සවන් දෙන්න, තේරුම් ගන්න එහෙම කෙනෙකුට පුළුවන්. ඇත්තම කිව්වොත් පොත් නිසා ජීවිතේට ලැබෙන ආලෝකය ගැන වචනයෙන් කියන්නවත් තේරුම කරන්නවත් බැහැ. ඒක වෙනමම හැඟීමක්. කියවිම ජීවිතයට වැදගත් වෙන්නේ අන්න ඒ නිසා මිස උගත්කම හෝ බුද්ධිය මනින සාධකය විදියට ඒක ගන්න බැහැ.
මේ කියන්න හදන්නේ උඩ ලියපු එකම දෙයක් ගැනවත් නෙවෙයි. දවසින් දවස තාක්ෂණයත් එක්ක ලෝකේ ඉදිරියටම යද්දි පොතක් මිළදීගෙන කියවන්න කෙනෙක් උනන්දු වෙනවා හරිම අඩුයි.ඒ නිසා විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරමින් මිනිසුන්ට පොත පක කෙරෙහි අසාවක් ඇති කරන්න ලෝකය පුරා විවිධ රටවල් කටයුතු කරලා තියෙනවා. මේ සටහන ඒ ගැන…
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/hay.jpg”]
මේ තියෙන්නේ “Hay On Wye” නගරයේ පින්තූරයක්. වේල්සයේ බ්රෙක්නොක්ෂයර් කියන පැරණි නගරයේ තිබෙන පුංචි වෙළෙඳ නගරයක්. මේ පුංචි නගරයේ මිනිසුන් 1598ක් වාසය කරනවා. ඔබ දන්නවාද ඇයි මේ මිනිස්සු 1500ක් වගේ පිරිසක් ඉන්න පුංචි නගරය මේ තරම් සුවිශේෂී වෙන්නේ කියලා? ඒ තමයි මේ නගරයේ වැඩි හරියක්ම පිරී තිබෙන්නේ පොත්වලින් නිසා. “Hay On Wye” නගරය වේල්සයේ ජාතික පොත් නගරය වගේ ම වාර්ෂික “Hay” සාහිත්‍ය උත්සවය පවත්වන නගරය ද වනවා.
ඉතිහාසය
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/hay-wye-book-shops.jpg”]
දැන් අපි “Hay On Wye” ( හේ ඔන් ව්යේ ) කිව්වට මුලින්ම මේ නගරය හඳුන්වලා තියෙන්නේ “Haya” කියන නමින්. ක්‍රි: පූ: 1299 දී මේ නම “La Haye” යන නමින් වෙනස් වී තිබෙනවා. හැබැයි දහසය වන සියවස වෙද්දි “Hay” යනුවෙන් හඳුන්වන්න නගර වැසියන් හුරු වෙලා තිබුණා. මේ නමෙහි තේරුම ” වනාන්තර ප්‍රදේශය” යන්නයි. ඒ වගේම මේ වචනය සැක්සන් හා නෝර්මන් යුගවලදී වනාන්තරයකට ප්‍රවේශ වීම සඳහා භාවිත කළ වචනයක් විදියටත් හඳුන්වන්න පුළුවන්.
මේ නගරය එක්සත් රාජධානියේ පොත් ගුල්ලන්ට කදිම නවාතැනක් වී තිබෙන්නේ නගරය තුළ පවත්වාගෙන යන අර කළින් සඳහන් කළ පොත් සාප්පු නිසා. හරිම ආකර්ශනීය විදියට මේ පොත් සාප්පු සැළසුම් කර තිබීම නිසා වගේම එක වරක් භාවිත කළ පොත් ඒ කියන්නේ second hand පොත් නිසා බොහෝ පිරිස් ” Hay ” නගරයට ඇදී එනවා.
වාර්ෂික ” Hay” උත්සවය..
මේක හරිම සුන්දර වගේම විශේෂ උත්සවයක්. ඇත්තම කිව්වොත් පොත පතට ආදරය කරන කෙනෙක්ට මේ උත්සවයට සහභාගී වෙන්නට ලැබෙනවා නම් ඒක පෙර පිනක්. ඒ තරමට මේ උළෙල සුවිශේෂී බවක් ගන්නවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/20150524_170947.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/hay-on-wye.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/hay-festival-2016.jpg”]
කොහේ හෝ ශාලාවක් ඇතුළට වෙලා පොත් තෝරනවාට වඩා මේ විිදියට එළිමහනක පරිසරයත් එක්ක ඒකාත්මික වෙමින් පොතපත කියවන්න කවුද අකමැති?
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/hayfestivalwales-creditjosephalberthainey.jpg”]
ජාතික පොත් නගරයේ වාර්ෂිකව පැවැත්වෙන මේ උත්සවය මුලින්ම ආරම්භ වෙලා තියෙන්නේ 1988 වසරේදීයි. මේ වෙනුවෙන් ” The Daily Telegraph ” පුවත්පත අනුග්‍රාහකත්වය ලබා දෙනවා. ලෝකය පුරා සිටින 80, 000ට ආසන්න නරඹන්නන් පිරිසක්.. නෑ නෑ, වැරදුණා… පොත් ගුල්ලන් පිරිසක් මේ උත්සවයට එක්වෙනවා. හැම අවුරුද්දකම මැයි මාසයේ සිට දින 10ක් පැවැත්වෙන “Hay” උත්සවයට එන පිරිස කියවීම කෙරෙහි උනන්දු කරවන්න බොහෝ ඇබ්බැහියන්.. (ඇත්තම කිව්වොත් ඒක තමා මේකට කියන්න පුළුවන් හොඳම වචනය) මේ උත්සවයට ඇතුළත්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/Dd8W2xHV0AABVjr.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/cpl-hay-festival-2018-david-miliband.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/Hay-Festival-cr-Finn-Beales.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/HAY4.jpg”]
” Hay” නගරය ලෝකයේම අවධානයට පත් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. මේ නිසාම ” Hay” හෙවත් වේල්සයේ ජාතික පොත් නගරය ආදර්ශයට ගනිමින් විවිධ පොත් නගර බිහි වෙලා තිබෙනවා. ඔව්.. ලෝභයි නම් තමයි. ඒත් තාක්ෂණයත් එක්ක සමාජ මාධ්‍ය ජාලා ළඟ රස්තියාදුවේ යන අපිට යුරෝපයේ මේ ආදර්ශවත් ක්‍රියාව ආදේශ කර ගන්න හැකි නම් ඒක ලොකු දෙයක්. ලෝකය පුරා විසිරී පැතිරී තිබෙන මේ පොත් නගර පිළිබඳව අපි දැන් කතා කරමු.
නෝර්වේ, ලිලෙපුට්හැමර් නගරය..
නෝර්වේ රාජ්‍යයේ ලිලෙපුට්හැමර් නගරය සම්පූර්ණයෙන්ම ළමුන්ටම වෙන් වූ පොත් නගරයක්. ඇත්තම කිව්වොත් මේ නගරය පවුල් පිටින් ඇවිත් විනෝද වෙලා යන්න පුළුවන් නගරයක් විදියටත් හැඳින්විය හැකියි. මේ නගරයේ හැම නිවසක් ම 1930 ගණන්වල ආකෘතියට සමානව නිර්මාණය වෙලා තිබෙනවා. ඒ අතරින් නිවාස 6ක් ම මේ ළමා පොත් වෙනුවෙන් වෙන් කරන්න මේ නගර සැළසුම්කරුවන් අමතක කර නැහැ.
මේ “පොත් ගෙවල් ” විවිධ වයස් සීමාවන් හා කියවන්නන්ගේ රුචිකත්වය අනුව වර්ග කරලා තිබෙනවා. ඉතින් සත්තු, සුරඟන කතා, පාරිසරික ආරක්ෂාව, අපරාධ, සොබාදහම හා ඒ හා සහසම්බන්ධව ජීවත් වීම වගේ අමුතු අමුතු මාතෘකා අනුව මේ පොත් ගෙවල් නිර්මාණය වෙලා තිබෙනවා. ඒත් එක්කම පොඩිහිටියන්ට විනෝදයෙන් කියවීම හුරු වෙන්න බොහෝ ක්‍රියාකාරකම් මේ නගරයේ ක්‍රියාත්මක වෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/2710_4720395_updates.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/download-1-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/download-3.jpg”]
පෘතුගාලයේ, ඔබිඩෝස් පොත් නගරය..
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/1-3.jpg”]
ඔන්න මම දැන් ඔබව රැගෙන යනවා පෘතුගාලය පැත්තට. පෘතුගාලයේ ඔබිඩෝස් කියන්නේ වීදිවලින් පිරුණු නගරක්. මධ්‍යතන යුගයට අයත් ගෘහ නිර්මාණ ශිල්පය සහිත සම්ප්‍රදායික නිවාසවලින් සමන්විත ඓතිහාසික කඳුකර භූමියක්. උතුරු ලිස්බන් නගරයේ සිට පැයක් ඇතුළත ළඟා විය හැකි ඔබිඩෝස් නගරය මීට කළින් ප්‍රසිද්ධ වෙලා තිබුණේ එහි පැවැත්වෙන වාර්ෂික චොක්ලට් උත්සවය හේතුවෙන්. නමුත් “ජොසේ පින්හෝ” කියන පොත් සාප්පු හිමිකරුවා චොක්ලට් උත්සවයකට චිර ප්‍රසිද්ධ වෙලා තිබුණු ඔබිඩෝස් නගරය පොත් නගරයක් බවට පත් කිරීමේ අදහස රැගෙන එනවා.
ඒ වෙද්දි ඔබිඩෝස් නගරයේ පොත් සාප්පු නොතිබීම හා නව මාදිලියේ පොත් අළෙවි නොවීම නිසා මේ සංකල්පය වෙනස් ම අත්දැකීමක් වුණා. ඒ අනුව යමින් ඔබිඩෝස්වල සාප්පු හිමිකරුවන් එයාලගේ ව්‍යාපාර කටයුතුවලට පොත්පත් ද එකතු කරගෙන තිබෙනවා. උදාහරණයක් විදියට දේශීය කලා කෘති විකුණන තැන්වල ඊට අදාළ පොතපත ද, කාබනික වෙළෙඳපොළට ගියොත් එහි තිබෙන අලුත් එළවළු පළතුරු පිටුපස ඉවුම් පිහුම් පොත් ද තිබෙන ආකාරය දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබිඩෝස් කෞතුකාගාරවල ඉතිහාසය, ගෘහ නිර්මාණ හා ජාතික උරුමයන් පිළිබඳ ලියැවුණු පොතපත ද නරඹන්නන් වෙනුවෙන් තබා තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/2-4.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/3-3.jpg”]
ඉතාලියේ මොන්ටෙරීජියෝ පොත් නගරය..
මොන්ටෙරීජියෝ කියන්නේ ඉතාලියේ කඳුකර ගම්මානයක්. 1471 දී මේ නගරයේ පළවෙනි මුද්‍රණාලය Jacopo da Fivizzano විසින් ආරම්භ කරනවා. හැබැයි පළවෙනි පොත් සාප්පුව විවෘත කෙරෙන්නේ 1490 වසරේ අගභාගයේදීයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/4-3.jpg”]
එතැන් සිට අවුරුදු 100ක් යනතුරුම නගරවැසියන් පවුල් පිටින් සංචාරකයන් වෙත ගොස් අලෙවි කිරීම සිදු කර තිබෙනවා. එතැනින් ඇරඹෙන මේ පොත් අලෙවියෙහි ප්‍රතිඵලයක් විදියට මධ්‍යම හා උතුරු ඉතාලිය පුරාම පොත් අලෙවිසැල් ව්‍යාප්ත වෙනවා. 1952 වසර වෙද්දී මොන්ටෙරීජියෝ නගරය ඉතාලියේ ප්රමුඛ පෙළේ සාහිත්‍ය ත්‍යාගය වන ” Premio Bancarella” සඳහා ප්‍රධාන සත්කාරකත්වය පවා ලබන්න සමත් වෙනවා. මේ නගර වැසියන් පිහි හා වෙනත් උපකරණ වගේ මෙවලම් විකුණන අතර ඒ අලෙවිසැල්වල විශාල වශයෙන් පොත් අළෙවි කිරීම විශේෂත්වයක්. මේ පොත්වල ප්‍රමාණය හා බර වැඩිවෙනකොට පොත් වෙළෙන්දන් අශ්ව කරත්ත හෝ අත්කරත්ත යොදා ගන්නා අවස්ථා ද තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/festa-del-libro.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/gatto.jpg”]
ස්පාඤ්ඤයේ කැටලෝනියා හි බෙල්ප්රාට් පොත් නගරය…
කැටලෝනියාවේ බෙල්ප්රාට් කියන්නේ පොත් නගරයකට කියාපු තැනක්. ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ ඉඳලා කිලෝ මීටර 90ක් දුරින් කැටලෝනියාවේ සුන්දර ග්‍රාමීය පරිසරයක තමයි බෙල්ප්රාට් පිහිටලා තිබෙන්නේ. අතිශය සිත් ඇද ගන්නාසුළු මේ නගරයේ වැසියන් පොත් ගුල්ලන්ට තමන්ගේ නිවසේ දොරගුළු විවර කර තිබෙනවා. බෙල්ප්රාට් කියන්නේ කැටලෝනියාවේ පළවෙනි පොත් නගරයයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/22173816.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/1370272490.jpg”]
2008 වසරේදී බෙල්ප්රාට් මිතුරන්ගේ සංගමය ( L’ Associacio d’ Amics de Bellprat) විසින් මේ පොත් නගරය පිහිටුවීමට ගත් පුංචි උත්සාහය අද වෙනකොට නරඹන්නන් 20,000ට වැඩි සංඛ්‍යාවකට පොත්පත් ලබා දීමට තරම් දියුණු මට්ටමකට පැමිණ තිබෙනවා. පුදුම හිතෙන හා වැදගත් ම දේ තමයි මේ තරම් ලොකු වැඩක් කරන බෙල්ප්රාට් නගරයේ ජනගහනය 100ක් වගේ පුංචි ප්‍රමාණයක් වීම.
පාජු පොත් නගරය …
මෙතෙක් කතා කළ හැම පොත් නගරයකටම වඩා පාජු පොත් නගරය හරිම වෙනස්. එහි පොත් සාප්පු, පොත්හල් සහ පොත් ප්‍රකාශකයන් සිටිද්දිත් එය ජාත්‍යන්තර පොත් නගර සංගමයේ සාමාජිකත්වය පවා නොගෙන සිටීම එක් කරුණක්. අනෙක් කාරණය තමයි මේ තනිව සිටින පාජු පොත් නගරය එක් ගොඩනැගිලක් හා තනි පුද්ගලයෙකුගෙන් සමන්විත වීම. මේ නිසා අනෙක් හැම පොත් නගරයකටම වඩා පාජු වෙනස් ම පොත් නගරයක් විදියට දකින්න පුළුවන්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/main.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/image016-5.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/paju-book-city-buzzfeed.jpg”]
ඔන්න ඉතින් මම ඔබව ලෝකේ වටේම තියෙන පොත් නගරවලට අරගෙන ගියා… මම දන්නවා ඔබටත් මහන්සියි.. ඒ වගේම මටත් මහන්සියි. අපි ඉන්නේ පුංචි දූපතක වුණත් අපිටත් මේ වගේ පොත් නගරයක් හදන්න පුළුවන් නම් කොයි තරම් හොඳද කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඇත්තටම ඒක මාරම දෙයක්. ඔබ පොත් පිස්සෙක් නම්.. ඔබ පොත් ගුල්ලෙක් නම්… ලෝකෙ තියෙන මේ වගේ පොත් නගර ගැන දැන සිටීම අනිවාර්යය වෙනවා. පොත පතට ආදරය කරන ඔබ වෙනුවෙන් මගේ ඇගිලි රිදෙන එක ගැන නොසිතා මේ තොරතුරු ඔබට ගෙන ආවේ මම දන්නවා ඔබ කැමතියි මේ වගේ දේවල් ගැන දැන ගන්න.
ඉතින්… අනිද්දා ඉඳලා අපිටත් එනවා පොත් එක්ක ගත කරන දවසක් දෙකක් නෙවෙයි සතියක්ම. ඒ සතියම ඔබට මාව මතක් වෙයි. මොකද දැන් ඔබ ඉන්නේ ලෝක වටේ තියෙන පොත් නගර හයකම සංචාරය කරලා නිසා…
– සුපුන් භාග්‍යා වීරකෝන් –