fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතිහාසයේ වෙන් කළ වැඩිම වියලි සහනාධාර මුදල මෙවර

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 19:09

ඉතිහාසයේ වෙන් කළ වැඩිම වියලි සහනාධාර මුදල මෙවර

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමට ඉතිහාසයේ වෙන්කළ වැඩිම මුදල මෙවර වෙන්කර ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. වියළි කාලගුණය දිවයිනේ දිස්ත්‍රික් 18 කට බලපෑම් එල්ලකර තිබෙනවා. පවුල් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. ඔවුන් වෙනුවෙන් සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි.

වියළි කාලගුණයෙන් අනුරාධපුරය, අම්පාර, කිලිනොච්චිය, කුරුණෑගල, පුත්තලම ඇතුළු දිස්ත්‍රික් රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව පානීය ජල ගැටලුවට ද මුහුණදී සිටිනවා. බොහෝ ප්‍රදේශවල වැව් සියල්ල සිඳීගොස් ඇති ආකාරය දැකගත හැකියි. බසවක්කුලම වැව සිඳීයාමට ආසන්න තත්ත්වයේ පවතිනවා. කෘෂිකර්මාන්තයට මෙන්ම ගව පාලනයට එල්ලවී ඇති බලපෑම් හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ජනතාව පවසනවා. නියඟයෙන් පීඩාවට පත්ව සිටින මහවිලච්චිය ජනතාවට අවශ්‍ය සහනාධාර කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ඒ අනුව පවුල් හාරදහස් හත්සියයක් සදහා මසකට රුපියල් මිලියන 21 බැගින් නියඟය අවසන් වනතුරු ලබාදීමටයි කටයුතු කර තිබෙන්නේ.

ඊ ආර් තිලකරත්න – මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්,

උතුරු පළාතේ ද කුඩා වැව් සියයකට ආසන්න ප්‍රමාණයක් සිඳීගොස් තිබෙනවා. මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ වැව් සිඳීයාමේ අවදානමක් ද පවතිනවා. ගම්මාන රැසක පානීය ජලය මෙන්ම සනීපාරක්ෂක කටයුතු සදහා ජලය නොමැතිවීමෙන් ගැටලු රැසක් මතුව තිබෙනවා.

උතුරු පළාතේ වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ යාපනය දිස්ත්‍රික්කයේයි. වකුගඩු රෝගය ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

සෙවනගල ප්‍රදේශයේ උක් වගාවද නියඟය හේතුවෙන් විනාශවීමේ තර්ජනයකට ලක්ව තිබෙනවා.

පීඩාවට පත් සියලු ජනතාවට පානීය ජලය ලබාදීම මෙන්ම වගා හානි ඇතුළු සහනාධාර කඩිනමින් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ සදහා දිස්ත්‍රික් මට්ටමෙන් මුදල් වෙන්කර ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

අමාත්‍ය දුමින්ද දිසානායක,

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 19:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්