fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික මදුරු මර්දන සතිය සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 02 දක්වා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 14:42

ජාතික මදුරු මර්දන සතිය සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 02 දක්වා

ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග ඉහල යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කීරීමේ අරමුණින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිලිබද ජනාධිපති කාර්‍යය සාධක බලකාය ඒකාබද්ධව “ජාතික මදුරු මර්දන සතියක් 2018 සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 02 දක්වා” ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

2018 වර්ෂය තුල ඩෙංගු රෝගීන් වාර්ථාවීමේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරයි. මෙය 2017 වර්ෂය සමග සැසදීමේදී 70% පමණ අඩුවීමකි. මේ තත්වය ලගා කර ගැනීම සදහා ප්‍රජා දායකත්වය වැදගත් සාධකයක් විය. තිරසාර ඩෙංගු මර්දනයක් සදහා මෙම තත්වය පවත්වා ගැනීම ඉතා වැදගත්වේ.

දිවයින පුරා සිදු කරනු ලබන පරිශ්‍ර පරීක්ෂණ වාර්තා අනුව, මදුරුවන් බෝවිය හැකි ස්ථාන තව දුරටත් පවතින බව වාර්ථාවේ. පාසල් සහ ඉදිකිරීම් පරිශ්‍ර ආශ්‍රිතව මෙම තත්වය වඩාත් දැඩි බව හදුනාගෙන ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගෙන ජාතික මදුරු මර්දන සතියක් දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 175ක ක්‍රියාත්මක කිරීමට කටයුතු සලසා ඇත. මෙම සතිය තුලදී තෝරාගත් අවදානම් කලාප වල පරිශ්‍ර පරීක්ෂාව සිදු කිරීමට බලාපොරොත්තුවේ.

මෙම පරිශ්‍ර පරීක්ෂණ කටයුතු සදහා ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම්,සාමාජිකයන් 6000කගේ දායකත්වය ලබාගන්නා අතර ගම් මට්ටමින් ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේද සහයෝගය ලබාගැනේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 14:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo