fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 14:03

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන ලෙස පොලිස් කොමිසමට නිර්දේශ කළ බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇති බවට සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළවයි. පොලිස් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මෙම කුමන්ත්‍රණය කළ බවට දූෂණ විරෝධී ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පොලිස් කොමිසමට පැමිණිලි කළා. ඒ අනුව අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවක්ද ලබාදීමට කටයුතු කෙරුණා. කෙසේ වෙතත් අදාළ පරීක්ෂණ අවසන් වන තෙක්  ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට කොමිසමට නිර්දේශ කීරීමටයි නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරයා කටයුතු කර ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 14:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්