fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැසි සමඟ තරමක තද සුළං

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 12:58

වැසි සමඟ තරමක තද සුළං

මධ්‍යම, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වලත් බදුල්ල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යමසහ සබරගමුව පළාත්වල විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.මධ්‍යමසහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50කපමණතරමක තද වැසිදඇති විය හැකියි.

දිවයිනට නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.කන්කසන්තුරයසිටත්‍රිකුණාමලයදක්වාවනමුහුදුප්‍රදේශවලතැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.තංගල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.එවිට, එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 12:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්