ඇස් ගහලා උසාවි යන්න වුණ ප්‍රියා ප්‍රකාශ්ට මොකද වුණේ???
Related Articles
මේ ඉන්නේ ප්‍රියා ප්‍රකාශ් වරියර්..
රූපය දැක්කම ඔබට ඇයව දැන් මතක ඇති. මේ වසරේ පෙබරවාරි 03 වැනිදා තිරගතවීම ඇරැඹූ Oru Adaar Love කියන මලයාලම් චිත්‍රපටයේ රඟපාන ප්‍රියා එහි එන ගීතමය ජවනිකාවක ඇසෙන් කරන ඉඟියක් නිසා අතිශය ජනප්‍රිය වුණා. ඒත් එක්කම මේ ගීතයේ ජවනිකාවල කොටස් අන්තර්ජාලය හරහා හුවමාරු වෙන්න පටන් ගත්තා. මේ නිසාම ඇය එක රැයින් ජනප්‍රිය වුණ තාරකාවක් බවට පත් වුණා.
හැබැයි මේ චිත්‍රපටයෙන් ලැබූ ජනප්‍රියත්වය ඇයට අවාසියක් ගෙන දුන් අවස්ථා ද නැතුවා නොවේ. පෙබරවාරි මාසයේ සිදුවුණු මෙම සිදුවීම යළිත් මෙලෙස හදිසියේ කරලියට පැමිණ තිබෙනවා. ඒ පසුගියදා ප්‍රියාට සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඔමාර් ලාලු ට ලැබුණු උසාවි තීන්දුවක් නිසායි. පාසල් සිසුවියක විදියට ප්‍රියා මෙම ඉඟිපෑමේ රංගනය ඉදිරිපත් කරන්නේ රෝෂන් අබ්දුල් රාහූෆ් නම් නළුවා සමඟයි. ඒ ඉඟි පෑමේ දර්ශන ඇතුළත් Maniky Malaraaya Poovi ගීතය මුහම්මද් නබි නායක තුමාගේ බිරිය ගැන කියැවෙන පූජනීය ගීතයක් වනවා. මේ නිසා ඇගේ රංගනයෙන් ඉස්ලාම් ආගමට අවමන් කිරීමක් වන බවට මුස්ලිම් කණ්ඩායමක් මෙම නඩුව ගොනු කර තිබුණා.
කොහොම නමුත් පසුගියදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුව නිශ්ප්‍රභා කළා.
මෙම තීන්දුව ලබා දෙමින් ඉන්දීය ගවිනිසුරු දීපක් මිශ්රා නඩු තීන්දුව ලබා දෙමින් මෙහෙම කිව්වා. “යම් පුද්ගලයකු චිත්‍රපටයකට ගීතයක් ගයනවා. ඔබට වෙන වැඩක්නැති නිසා එය එරෙහිව නඩු පවරනවා”.
කොහොම වුණත් මේ නඩු පැවරීම නිසා නියමිත දිනයේදී චිත්‍රපටය එළි දැක්වීමට නොහැකි වුණා. නමුත් තීන්දුව ලබාදීමෙන් පසුව ළඟදීම චිත්‍රපටය එළිදැක්වීමට කටයුතු කරන බව අධ්‍යක්ෂවරයා පවසනවා.
එක රැයින් තරුවක් බවට පත්වුණු ප්‍රියා 1999 සැප්තැම්බර් 12 වැනිදා උපත ලැබූ තරුණියක්. මීට දින හතකට පෙර ඇය තමන්ගේ 19වන උපන්දිනය සැමරුවා.