නීති විරෝධි ධිවර කටයුතුවල නිරත වූ 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්රකාශ කළා. ලංකාපටුන ප්රදේශයේ සහ කෝනේෂ්වරන් කෝවිලට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ දී වැටලීම සිදුකළේ නැගෙනහිර විධානයට අයත් නාවික භටයන් පිරිසක්. ඔවුන් සතුව තිබූ තහනම් දැල් හතරක් සහ ඩිංගි යාත්රා හතරක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.