fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිකට් ආයතනයට පංචපුද්ගල පරිපාලන කමිටුවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 16:12

ක්‍රිකට් ආයතනයට පංචපුද්ගල පරිපාලන කමිටුවක්

නිලවරණය පවත්වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා පංචපුද්ගල පරිපාලන කමිටුවක් ඉදිරියේදී පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. ආසියා කුසලාන නෙට්බෝල් ශූරතාවලිය ජයග්‍රහණය කළ ජාතික නෙට්බෝල් කණ්ඩායම සමග සුහද හමුවකට එක්වීමෙන් පසු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉවත් වීමට සිදු වුණා. තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති මූලික වටයේ දෙවන තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ  සියලු දෙනා දැවී ලකුණු 249 ක් රැස්කළා. අගනා  පන්දු යැවීමක නිරත වූ  තිසර පෙරේරා කඩුළු 05 ක් බිද හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 158 ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග ලකුණු 36 ක් ලබා ගත්තා. මේ අනුව ලකුණු 91 ක ජයග්‍රහනයක් ඇෆ්ගනිස්ථානය සතු වුණා. ශ්‍රී ලංකාව ඇෆ්ගිස්ථාන කණ්ඩායම හමුවේ පරාජයට පත් වූ පළමු ක්‍රිකට් තරගය ලෙසයි මෙය ඉතිහාසයට එක් වන්නේ.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 16:12

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්