රුසියාවට අයත් හමුදා ගුවන් යානයක් සිරියා කලාපයේදී ප්‍රහාර එල්ල කර ඇති බවට රුසියාව ඊශ්‍රායලයට චෝදනා එල්ල කරනවා. ඉහළ අහසේ දී රේඩාර් සංඥාවලින් අතුරුදන් වී ඇති බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. රුසියානු අයි.අයි. විස්ස ගුවන්යානය සිරියාවට කිලෝමීටර් 35 ක් දුරින් මධ්‍යධරනී මුහුදේ ඉහළ අහසේ පියාසර කරමින් සිට තිබෙනවා.
එම ගුවන්යානයේ හමුදා භටයින් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ගමන් කරමින් සිටි බව සදහන්. මෙම ගුවන්යානය ලටෙකියා නගරයේ සිට හෙමයිමිම් හමුදා ගුවන් කදවුර වෙත පියාසර කරමින් තිබුණා. ගුවන් යානය සොයා පරීක්ෂණ අරඹා ඇති බවයි රුසියා ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ. ඊශ්‍රාලයේ ප්‍රහාරවලට සිරියාව ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින අවස්ථාවකදීයී මෙලෙස යානය අතුරුදන් වී ඇත්තේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිරියා රජය කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැහැ.