fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියා නායකයා සහ දකුණු කොරියා ජනාධිපතිවරයා අතර හමුවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 10:09

උතුරු කොරියා නායකයා සහ දකුණු කොරියා ජනාධිපතිවරයා අතර හමුවක්

උතුරු කොරියා නායකයා සහ දකුණු කොරියා ජනාධිපතිවරයා අතර හමුවක් ඉදිරියේදී පැවැත්වෙනවා.

දකුණු කොරියා ජනාධිපති   මූන් ජේ ඉන්  සහ ඔහුගේ බිරිද කිම් ජන්ග් සූක් උතුරු කොරියාවේ පියොංයැංග් අගනුවරට පැමිණ තිබෙනවා.  ඒ දින තුනක සංචාරයක් සදහා. ඔවුන් දෙපලම ඉතා උණුසුම් අයුරින් පිළිගත්තේ උතුරු කොරියා නායක  කිම් ජොන් උන් සහ ඔහුගේ බිරිද රී සොල්ජු විසින්. දකුණු කොරියාවේ නායකයකු දශකයකට පසු උතුරු කොරියාවේ සංචාරයක යෙදුනු ප්‍රථම අවස්ථාව මෙයයි. දෙරටේ නායකයින් හමුවන තුන්වන අවස්ථාවද මෙය වනවා. කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්