fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රියක ගැටීමෙන් වන අලින් හතර දෙනෙකු මියයයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 09:42

දුම්රියක ගැටීමෙන් වන අලින් හතර දෙනෙකු මියයයි

දුම්රියක ගැටීමෙන් වන අලින් හතර දෙනෙකු මිය ගියා. ඔරුගොඩවත්ත සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියකයි වන අලින් ගැටී තිබෙන්නේ. අනතුරත් සමග දුම්රිය පීලි පැන තිබෙනවා. ඒ හේතුවෙන් මඩකලපුව ත්‍රිකුණාමලය දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.

කොළඹ සිට ගල්ඔය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ හබරණ පුවක්පිටිය 127 වන සැතපුම ආසන්නයේදීයි අනතුර සිදුවුණේ. මියගිය වන අලින් අතර ගැබ්බර වන ඇතින්නක ද සිට තිබෙනවා. පැටවා බිහි වුවද එම අවස්ථාවේම මිය ගියා. මෙම මාර්ගයේ වන අලින් ගමන් කරන බවට සදහන් පුවරුද සවිකර තිබෙනවා. අනතුර හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රිය මැදිරි පෙරළීමට ලක් වුණා. ඉන්ධන ටැංකිවලින් ගලා යන ඉන්ධන එක් රැස්කිරීමට ජනතාව ක්‍රියාකරන ආකාරයද දැකගත හැකිවූ බව අප වාර්තාකරු පැවසුවා. දුම්රිය පීලි පැනීමත් සමග මාර්ගයට දැඩි හානි සිදුවී වුණා. ඒ හේතුවෙන් ත්‍රිකුණාමලය හා මඩකලපුව දුම්රිය ධාවනය සම්පුර්ණයෙන් ඇණහිට තිබෙනවා.  මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීම මේ වන විට ආරම්භ කර  තිබෙනවා.

මේ අතර පුත්තලම කොට්ටුකච්චිය ප්‍රදේශයේදි එල්ල වූ  වන අලි ප්‍රහායකින් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් නිලධාරියෙතු බරපතල තුවාල ලැබුවා.  වනඅලි  පලවා හැරීමේ මෙහෙයුමක නිරතව සිටි පිරිසකටයි ප්‍රහාරය එල්ල වුණේ. වන අලින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගම්මානයේ සැරිසැරන බවට ලැබුණු තොරතුරකට අනුවයි වනජීවී නිලධාරීන් මෙම මෙහෙයුම සිදු කළේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  කරුවලගස්වැව මූණමල්ගස් වැව ප්‍රදේශයේ  පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්