ගිනියා උප ජනාධිපති නීති විරෝධිව රැගෙන ආ මුදල් හා ඔරලෝසු තොගයක් සොයා ගැනේ
Related Articles
ගිනියා උප ජනාධිපති ටියෝඩෝරින් නගුවෙමා බ්‍රසීලයට නීති විරෝධිව රැගෙන ආ මුදල් හා ඔරලෝසු තොගයක් සොයා ගැණුනා. ගුවන් තොටුපොල පරීක්ෂාවේදී ඔහුගේ ගමන් මල්ලේ තිබී ඒවා සොයා ගත් බවයි බ්‍රසීලය පවසන්නේ. සොයා ගත් මුදල ඇමරිකා ඩොලර් මිලියන දහසයකට අධිකයි. ඇමරිකා ඩොලර් මිලියන පහළොවක් වටිනා ඔරලෝසු තොගයක්ද සොයා ගැණුනා.
ඔහුගේ පෞද්ගලික ගුවන් යානයකින් බ්‍රසීලයේ සාවෝ පෝලෝහි පිහිටි ගුවන් තොටුපොළට රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙක් සමග ඔහු පැමිණියා. බ්‍රසීලයේ නීති පද්ධතියට අනුව පිට රටින් පැමිණෙන සංචාරකයින් සදහා ඇමරිකා ඩොලර් දෙදහස් හාරසියයක වැඩි මුදලක් එරටට ගෙන ඒමට සීමාකර තිබෙනවා.හතලිස් අට හැවිරිදි උප ජනාධිපතිවරයා ගිනියාවේ ජනාධිපති ටියෝඩෝරෝ ඔබියැංගේ පුත්‍රයා වනවා. දෙදහස් දාහතේ ප්‍රංශ අධිකරණයක් විසින් මූල්‍ය විශුද්ධීකරණයකට එරෙහිව වසර තුනක සිර දඩුවමක්ද ඔහුට නියම කර තිබෙනවා. ගිනියා ජනාධිපතිවරයා අප්‍රිකාවේ දීර්ග කාලයක් පාලනය කළ ජනාධිපතිවරයාද වනවා. ගිනියාවේ මිලියන එකයි දශම දෙකක ජන ගහනයෙන් සියයට හැත්තෑවක් දරිද්‍රතාවයෙන් පෙලෙනවා.