fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් ස්ෆින්ක්ස් ප්‍රතිමාවක් අස්වාන් දෙවොලෙන් සොයා ගනියි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 17:25

තවත් ස්ෆින්ක්ස් ප්‍රතිමාවක් අස්වාන් දෙවොලෙන් සොයා ගනියි

ඊජිප්තු පුරා විද්‍යාඥයන් පිරිසක් අස්වාන් හි දෙවොලකින් තවත් ස්ෆින්ක්ස් ප්‍රතිමාවක් සොයාගෙන තිබෙනවා.

අස්වාන් හි දකුණු දිග කොම් ඔම්බෝ පාරාවෝ දේවස්ථානයෙන් මෙම පිළිමය හමු වී තිබෙනවා. ඊජිප්තු පෞරාණික නටඹුන් පිළිබඳ අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම මිනිස් හිස සහ සිංහයෙකුගේ ශරීරය සහිත ප්‍රතිමාව වැලිගල්වලින් නිමවා ඇති බවයි. ක්‍රිස්තු පූර්ව 305 සිට ක්‍රිස්තු පූර්ව 30 දක්වා රෝම යටත්විජිතයක් වනතුරුම ඊජිප්තුවේ රජ කළ ටොලමි රාජවංශය තෙක් මෙම ප්‍රතිමාවේ ඉතිහාසය දිව යන බව සඳහන් වනවා. කෙසේ වුවත්  මෙම ප්‍රතිමාව 28cm (අඟල් 11) පළල සහ 38cm උස බව සඳහන් වනවා. 

අස්වාන්හි පුරාවස්තු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අබ්දුල් මොනීයිම් සයිඩ් පැවසුවේ, මේ සම්බන්ධයෙන් තවදුරටක් පරික්ෂණ  සිදු කරන බවයි. ස්ෆින්ක්ස් ප්‍රතිමාව මගින් ඊජිප්තු පාරාවෝවරුන් ගේ ශක්තිය විදහා දක්වනවා. ඒ අනුව සිංහ ශරීරය මගින් රජුගේ එඩිතර හා නිර්භීත බව ප්‍රකට කරනවා. 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 17:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්