හෙරොයින් මත්කුඩු කිලෝ එකහමාරකට අධික ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට වඩා මිල කෙරෙන මෙම මත්කුඩු තොගය දිවයිනට රැගෙනවිත් තිබුණේ පාකිස්තානු ජාතිකයෙක්. කටුනායක ගුවන්තොටුපොල රේගු නිලධාරීන්ට මෙම මත්කුඩු තොගය හමුවී ඇත්තේ ඔහුගේ ගමන් මල්ලේ සගවා තිබියදීයි. සැකකරු සහ මත්කුඩු තොගය වැඩිදුර පරික්ෂණ සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී තිබෙනවා.