සහසක් නිමැවුම් 2018 ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමයි මෙය සංවිධාන කළේ. විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා, සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් මල්කාන්ති ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත කෙරුණා. අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති නව නිපැයුම්කරුවන්ගේ කොමිසමයි ප්‍රදර්ශනය සංවිධාන කළේ. ක්ෂේත්‍ර 14 ක් යටතේ නව නිපැයුම් 335 ක් ප්‍රධාන අංශ 4 ක් යටතේ ප්‍රදර්ශනයට එක්කර තිබුණා. 7 වන වරටයි මෙවර ප්‍රදර්ශනය පැවැත්වුණේ.