වසර 50 ක් පැවති අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් ඉදිකෙරුන මාර්ගයක්
Related Articles
වසර 50 ක් තිස්සේ පැවති අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් නව මාර්ගයක් ඉදිකර දීමට වත්මන් රජයට හැකි වුණා. එම ව්‍යපෘතිය ඇතුළු තවත් සංවර්ධන කටයුතු පිළිබද තොරතුරු සංවර්ධන පුවත් තුළින්. හග්ගල නව කොලණිය ගම්මාන සදහා නව මාර්ගයක් ඉදිකෙරුණේ රුපියල් ලක්ෂ 10ක වියදමින්. වසර 50 ක් තිස්සේ තම ඉල්ලීමක් සපුරාලමින් නව මාර්ගය ඉදිකර දීම සම්බන්ධයෙන් නව කොලණිය ගම්මානයේ වැසියන් රජයට ප්‍රශංසා පල කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ විමධ්‍යගත අරමුදල් මේ සදහා වැය කර තිබෙනවා.
නව කොලණියේ වැසියන්,
නිවාස ගම්මාන 2500 ක ඉදිකිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ 1262 වන උදාකල ගම්මානයේ වැඩ පසුගියදා ආරම්භ කෙරුණා. ඒ කිරින්ද, කරතොට, බෙරලුකැටිය ප්‍රදේශයේදීයී. කඹුරුපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක දකුණු පළාත් සභා මන්ත්‍රී බී.ජී ප්‍රියන්ත මහතා ඒ සදහා මුල් වුණා. කටුමැටි ගම්මානවල ජීවත් වන පවුල් 28 ක් සදහා නව නිවාස ඉදි කෙරෙනවා. ගම්මානයේ තවත් නිවාස තිහක් සංවර්ධනය කිරීමටද නියමිතයි.
ප්‍රතිලාභීන් ,
දික් ඔය එන්ඩ්ෆීල්ඩ් වතුයායේ වතු සේවකයන් සදහා නව නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් අමාත්‍ය පලනි දිගම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. තවත් ප්‍රාදේශීය දේශපාලඥයන් රැසක් එම අවස්ථාවට එක් වුණා.
මේ අතර දික්ඔය ෆෝඩයිස් රූපකැලේ වතුයායේ නව නිවාස 50 ක් ඉදිකිරීමේ කටයුතුද ආරම්භ කෙරුණේ අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අතින්. පර්චස් 07 ක තනි නිවාස මෙහි ඉදි කෙරෙනවා. පේලි නිවාසවල දිගු කලක් ජීවත් වූ වතු ජනතාවට මෙමගින් සෙත සැලසෙනවා. *
මැදිරිගිරිය රාහුල කණිෂ්ඨ විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක ඉදිකිරීම් පසුගියදා ආරම්භ වුණා. ඒ මැදිරිගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සම්පත් ශ්‍රී නිලන්ත මහතාගේ සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්.ජී. සෝමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 04 ක් පමණ වනවා මාස තුනක් තුල මෙහි සියලු ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.
දෙමාපියන්,