fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගල්ගුහාවක් තුළ දෙදෙනෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 10:19

ගල්ගුහාවක් තුළ දෙදෙනෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ

ගල්ගුහාවක් තුළදී පුද්ගලයන් දෙදෙනෙකු  මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාගල පොලීසිය පරීක්ෂණ පවත්වනවා. එම සිරුරු පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ නුවරඑලිය මහරෝහලේදී අද සිදු කිරීමට නියමිතයි.

ඉත්තෑවෙකු  ඇල්ලීමට තැත් කිරීමේදී ගල්ගුහාවක් තුල මිය ගිය බව කියන මෙම පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනුනේ ඊයේ රාත්‍රියේදීයී.  ඒ රාගල ,  සමගිපුර වනරක්ෂිතයේ ගල්ගුහාවක් තුල තිබියදි. මෙසේ මියගොස් ඇත්තේ සෙල්ලිනාඩ් වත්තේ පදිංචිකරුවන් දෙදෙනෙක්. ඉන් එක් අයෙකු 29 හැවිරිදි දෙදරු පියෙක්. අනෙක් පුද්ගලයා 31 හැවිරිදියි. ඔහු ද දෙදරු පියෙක්. මොවුන් දෙදෙනා උදෑසන 05 ට පමණ නිවසින් පිටව ගොස් තිබෙනවා. රාත්‍රියේ  නිවසට නොපැමිණීම නිසා සොයා බැලීමේදී ගල්ගුහාවක සිරවී මිය ගොස් සිටින අයුරු දැක ඒ බව  පොලීසියට දන්වා තිබෙනවා. එම ස්ථානයේ හාවෙකුගේ සිරුරක් මෙන්ම සතුන් දඩයම් කිරීම සදහා යොදා ගන්නා උපකරණ කිහිපයක්ද හමුවුණා. දඩයම් කරන ලද ඉත්තෑවෙකුගේ සහ බල්ලෙකුගේ සිරරුද  ගල්ගුහාව තුළින් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 10:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්