හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උත්සාහ කරන්නේ දේශප්‍රේමීත්වයේ කර පිටින් ගොස් ජනපති, අගමැති පුටු දෙකම පවුලට ලබාගෙන රටේ සින්නක්කර අයිතිය රාජපක්ෂ පවුල සතුකර ගැනීමට බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අම්පාර ජයන්තිපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
[ot-video type=”youtube” url=”https://youtu.be/3dCe1kEHn40″]
යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදි වූ 124 වන උදාගම්මානය අම්පාර දමන ජයන්තිපුර ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් කෙරුණා. නිවාස 23 කින් සමන්විත අංග සම්පූර්ණ ගම්මානය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 243 ක්. බිෂෝ වැඩි ගම ලෙස මෙම ගම්මානය නම්කර තිබෙනවා. ගම්මානය විවෘත කිරීමේ උත්සවයේදී නිවාසලාභීන්ට නිවාස හිමිකම් පත්‍ර ප්රදානය, අඩු ආදායම්ලාභී පවුල් 80 කට විසිරි නිවාස ණය, ප්‍රතිලාභීන් 50 දෙනෙකුට සොදුරු පියස ණය මෙන්ම වෘත්තීය උපකරණ කට්ටල ප්රදානය ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා ඇතුලු මහජන නියෝජිතයින් මීට එක්ව සිටියා.