fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගලහ ප්‍රාදේශීය රෝහල නැවත විවෘත කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 16:17

ගලහ ප්‍රාදේශීය රෝහල නැවත විවෘත කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

ගලහ ප්‍රාදේශීය රෝහල නැවත විවෘත කරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසී ජනතාව අද (16) දෙවන වරටත්  ගලහ නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. කුඩා දරුවෙකු මිය යාමේ සිද්ධියක් මුල්කර ගනිමින්  ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත්  සමග වසා දැමුණු ගලහ රෝහල මේ වන විටත් යළි විවෘත කර නැහැ. මේ හේතුවෙන් තමන් මහත් අපහසුතාවට ලක් වී ඇති බවයි උද්ඝෝෂකයින් පවසන්නේ. මහා සංඝරත්නය සහ අන්‍යාගමික නායකයින් ඇතුළු පිරිසගේ මූලිකත්වයෙන් ආරම්භ වූ උද්ඝෝෂණයට ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වුණා.

විරෝධතාකරුවන් මහනුවර දෙල්තොට මාර්ගය අවහිර කරමින් ගලහ නගරයේ සිට ගලහ ප්‍රාදේශීය රෝහල දක්වා ගමන් කරමින් උද්ඝෝෂණයේ නිරත වුණා. මෙහිදී පොලිසිය ප්‍රකාශ කළේ රෝහල හැකි ඉක්මනින් විවෘත කිරීමට කටයුතු කරන බවයි. බලධාරීන් දැනුවත් කිරීම සදහා ප්‍රදේශවාසීන්ගෙන් අත්සන් ලේඛණයක් ලබාගැනීමෙන් අනතුරුව පිරිස විසිර ගියා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්