fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව බ්‍රිතාන්‍යයට අයත් චන්ද්‍රිකා දෙකක් කක්ෂගත කිරීමට සැලසුම් කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 11:12

ඉන්දියාව බ්‍රිතාන්‍යයට අයත් චන්ද්‍රිකා දෙකක් කක්ෂගත කිරීමට සැලසුම් කරයි

ඉන්දියාව බ්‍රිතාන්‍යයට අයත් චන්ද්‍රිකා දෙකක් අද කක්ෂගත කිරීමට සැලසුම් කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 800ක පමණ බරින් යුතු මෙම චන්ද්‍රිකා දෙක අද රාත්‍රියේ කක්ෂගත කිරිමට සූදානම් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ. මෙම චන්ද්‍රිකා පෘථිවි නිරික්ෂණ කටයුතු සදහා යොදා ගැනීම සැලසුමයි.  සූර්යා හා පෘථිවිය අතරයි මෙම චන්ද්‍රිකා කක්ෂගත කිරීමට සූදානම් කර ඇත්තේ. ආපදා නිරීක්ෂණ කටයුතු , වනාන්තර සිතියම්ගත කිරීම ආදී කටයුතු මේ ඔස්සේ සිදුකළ හැකිවනවා. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය මෙම වසර තුළ  සිදුකරන තුන්වන අභ්‍යවකාශ ගත කිරීම මෙයයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්