Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 15:23

වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය  ජනපති ප්‍රදානත්වයෙන්

අදට යෙදී ඇති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සංවිධානය කෙරුණු වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ගාල්ල, දඩල්ල වෙරළ තීරයේ දී පැවැත්විණි.

එමෙන්ම ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් පරිදි ප්‍රකාශයට පත්කරන ලද ජාතික වෙරළ පිරිසිදු කිරීමේ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය ක්‍රියාවට නැංවීම ද මේ හා සමගාමීව සිදු විය.සැප්තැම්බර් 15 වනදා සිට 22 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙන මෙම සතියේදී වෙරළ හා සමුද්‍රීය පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් ගණනාවක් දිවයින වටා වෙරළබඩ දිස්ත්‍රික්ක 14ක වෙරළ තීරයන් 100කදී පමණ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබේ.

සියලූම වෙරළබඩ දිස්ත්‍රික්කවල අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ති්‍රවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල හා පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

සාගර දූෂණය පිළිබඳ ඉතා දැඩි අවධානයකින් පසුවන හා දූෂණය වැළැක්වීම සඳහා ඉතා සක්‍රීයව ක්‍රියා කරන රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක් වෙයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් කි්‍රයාත්මක කර තිඛෙන අතර 2017 වසරේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පිවිතුරු සයුර වැඩසටහනට සම්බන්ධ විය. 2018 දී ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් කඩොලාන සුරැකීමට කැපවන නායකත්ව රටක් වශයෙන් නම් කරන ලදී. ඒ අනුව ලෝකයේ කඩොලාන සංරක්ෂණය පිළිබඳ සිදුකරන කාර්යයන් සොයාබැලීම සහ ක්‍රියාවට  නැංවීම උදෙසා කි්‍රයාකාරි කමිටුවක් ශ්‍රී ලංකාවේ ප්‍රධානත්වයෙන් නම් කිරීමට නියමිතය. 2015 වසරෙන් පසුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මූලිකත්වයෙන් කි්‍රයාවට නංවන ලද කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතීන් ඉතා සාර්ථක ව්‍යාපෘතීන් ලෙස ලෝකයේ අවධානයට ලක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කඩොලාන සංරක්ෂණය පිළිබඳ ලොව ඉහළම ප්‍රගතියක් අත්කරගත් රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

එමෙන්ම 2017 වසරේ දිවයින වටා සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය අනුව ශ්‍රී ලංකාව සියලූ රටවල් අතරින් 16 වන ස්ථානයට පත්විය.පිවිතුරු වෙරළක් උදෙසා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අභිනවයෙන් කි්‍රයාත්මක කරන වෙරළ රැකබලා ගන්නන් පත්කිරීමත්, අතිනවීන පහසුකම්වලින් යුතු විද්‍යාගාරයක් සහිත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ දකුණු පළාත් කාර්යාල සංකීර්ණය විවෘත කිරීමත්, නවීකරණය කරන ලද දඩල්ල වෙරළ තීරය ජනතා අයිතියට පැවරීමත් අද මේ හා සමගාමීව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක, රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල  හෙට්ටිආරච්චි, පළාත් අමාත්‍ය යූ.ඩී . ආරියතිලක සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් රෝහණ පෙරේරා, සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 15:23
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්