fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 17:32

වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

දිවයිනට බලපා ඇති නියං කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක ජනතාව අද වන විට ගැටළු රැසකට මුහුණදී තිබෙනවා.

මෙම නියගය හේතුවෙන්  වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ  මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි. මේ හේතුවෙන් වගාවන්ට පමණක් නොව මිනිසුන්ටද පානය කිරීමට වත් වතුර නොමැති වීම අවාසනාවට කරුණක්. වැව්බැදි රාජ්‍යයේ  වැව් බොහෝමයක් මේ වන විට සිදී ගොස් අවසන්. සොබාදහමේ මේ අකාරුණිකත්වය නිසා පීඩාවට පත් වන‍්නේ අපේම රටේ අසරණ ජනතාවයි. නියගය හේතුවෙන් ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජලමට්ටම ද විශාල වශයෙන් පහලගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්