fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 12:44

මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට

වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේ දී  මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

වව්නියාව ඕමන්තේ පණ්ඩිකේතකුලම් ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී  අනතුර සිදුව තිබෙනවා. යාපනයේ සිට මාතර බලා ධාවනය වූ දුම්රිගේ ගැටුනු මෝටර් රථය මීටර 200 ක පමණ දුරකට ඇදී ගොස් තිබෙනවා. එහි ගමන්ගත් කාන්තාවන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ තවත් තුන්දෙනෙකු වව්නියාව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සිදු වූ දුම්රිය හරස් මාර්ගය  ඉතා අනාරක්ෂිත තත්ත්වයේ පවතින බවයි ප්‍රදේශවාසීන්  පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්