කලක සිට ප්රදේශ රැසකට මත්කුඩු බෙදා හැරි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබි රුපියල් ලක්ෂ හතක් වටිනා හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්රෑම් 52ක් ද අත්අඩංගුවට ගත් බවයි කිරිබත්ගොඩ පොලිසිය සදහන් කරන්නේ. මීට අමතරව සැකකරුවන් සතුව තිබි යතුරු පැදියක් , මුදලින් රුපියල් 37,200ක් සහ ජංගම දුරකථන දහයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මතයි හුණුපිටිය ප්රදේශයේදී මෙම වැටලීම සිදු කළේ. සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වනවා.