fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊජිප්තුවේ හිටපු ජනාධිපතිගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 10:05

ඊජිප්තුවේ හිටපු ජනාධිපතිගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනා වංචා හා දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටස් වෙලෙදපොල ආශ්‍රීත වංචාවන් සිදු කිරිම ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවයි. එරට මහබැංකුවේ නීතිරීති වලට පටහැනිව ඔවුන් කොටස් වෙළෙදපොල අයථා ලෙස පාලනය කර ඇති බව වාර්තා වනවා.ඔවුන්ගේ පියා වන හොස්නි මුබාරක් බලයේ සිටි කාලයේ මෙම ක්‍රියා සිදු කර ඇති බවද සදහන්. ඔවුන්ට එරෙහි චෝදනා ලබන මස විසි වනදා විභාග කිරිමට නියමිතයි. ඊජිප්තු හිටපු ජනාධිපති හොස්නි මුබාරක් දශක තුනක කාලයක් ඊජිප්තුව පාලනය කළ අතර දූෂණ හා අක්‍රමිතා සම්බන්ධයෙන් ඔහු මිට පෙර සිර දඩුවමකටද යටත් වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 10:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්