fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිලිපීනයේ මන්ග්කුට් සුළිකුණාටුවෙන් මිය ගිය පිරිස 25 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 08:48

පිලිපීනයේ මන්ග්කුට් සුළිකුණාටුවෙන් මිය ගිය පිරිස 25 දක්වා ඉහළට

පිලිපීනයට බලපා ඇති මන්ග්කුට් සුළිකුණාටුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුළිකුණාටුවෙන් මිලියන පහක පිරිසකට බලපෑම් එල්ලවී ඇති අතර ලක්ෂයක පමණ  පිරිසක් අවතැන් කදවුරුවල රැදි සිටිනවා.

සුළිකුණාටුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි එරට කාලගුණ අංශ අනතුරු අගවන්නේ. සුළිකුණාටුව පැයට කිලෝමීටර් 145 ක වේගයකින් චීනය හා හොංකොං රාජ්‍යයන්  වෙත ගමන් කරමින් පවතිනවා.මේ අතර ඇමෙරිකාවට බලපෑ ඇති ෆ්ලොරොන්ස් සුළි කුණාටුවෙන් මිය ගිය පිරිස දොළොස් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. සුළි කුණාටුව හේතුවෙන් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශ අඩි දෙකක් දක්වා උසට ජලයෙන් යටව තිබෙනවා.සුළි කුණාටුවෙන් ඉදිරි දින කිහිපයේදී මිලියන දහයක පමණ පිරිසකට බලපැම් එල්ල විය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අගවන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්