fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෘථිවියේ පවතින අයිස් ආවරණය මැනීමට ලේසර් කිරණ සහිත චන්ද්‍රිකාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 15:22

පෘථිවියේ පවතින අයිස් ආවරණය මැනීමට ලේසර් කිරණ සහිත චන්ද්‍රිකාවක්

පෘථිවියේ පවතින  අයිස් ආවරණය මැනීම සඳහා ඇමෙරිකා අභ්‍යවකාශ ඒජන්සිය මගින් ලේසර් කිරණ සහිත චන්ද්‍රිකාවක් කක්ෂගත කිරිමට තීරණය කර තිබෙනවා.

අයිස් සැට් ටූ ලෙසයි මෙම චන්ද්‍රිකාව හදුන්වන්නේ. කාලගුණික විපර්යාස ග්ලැසියර් දියවීමට බලපාන්නේ කෙසේද යන්න මෙමගින් තොරතුරු සපයනු ඇති. පසුගිය දශක කිහිපය තුළ ඇන්ටාර්ක්ටිකාව, ග්‍රීන්ලන්තය සහ ආර්ක්ටික් සාගරයේ ග්ලැසියර විශාල වශයෙන් විනාශයට පත් වුනා.  අයිස් සැට් ටූ චන්ද්‍රිකාව පෘථිවියේ සිට කිලෝමිටර් පන්සියක දුරකින් කක්ෂගත කර පුළුල් නිරික්ෂණයක නිරත වීමට නියමිතයි. ඇමෙරිකාවේ කැලිෆෝනියාහි පිහිටි වැන්ඩන්බර්ග් ගුවන්හමුදා කදවුරෙන් එය අද අභ්‍යවකාශ ගත කිරිමට නියමිත බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 15:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo