මෙක්සිකෝ නගරයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ සංචාරකයන් වැඩි පිරිසකගේ ආකර්ෂනය දිනාගත් ගරිබල්ඩි චතුරස්රය ආසන්නයේදීයි. මෙම ප්රහාරයෙන් මියගිය තුන්දෙනාට අමතරව හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්රහාරයට පැමිණි පුද්ගලයන් තුන්දෙනා පැමිණ තිබෙන්නේ එරට සාම්ප්රදායික මරියාචි සංගීතඥයන් ලෙස වෙස්වලාගෙනයි. වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් පලාගොස් තිබෙනවා.